මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදරට – ලයිකා ලොකු පුටුවක්

0
Spread the love

දශක දෙකකට වැඩි කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් බවට පත් වූ බුද්ධික වික්‍රමාදර මහතා අද (13) ලයිකා ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කර තිබේ.

දශක දෙකකට පෙර ITN මාධ්‍ය ජාලය සමඟ එක්වෙමින් තමන්ගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළ බුද්ධික වික්‍රමාදර මහතා ඉන් පසුව MTV නාලිකා ජාලය සමඟ එක් වුණේ වැඩසටහන් කළමනාකරුවෙක් වශයෙන්.

ඉන් අනතුරුව සිරස ටීවී සති අන්ත කළමනාකරු සහ TV 1 නාලිකාවේ නාලිකා ප්‍රධානී බවට පත්වූ වික්‍රමාදර මහතා MTV නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බුද්ධික වෙළෙඳ ප්‍රචාරණ ආයතන බොහෝමයක නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *