AICPA සහ CIMA එක් ව ශ්‍රී ලංකාවේ ඉහළ ම සේවා යෝජකයින් 20දෙනා අගයයි

0
Spread the love

ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරී ආයතන ද්විත්වයක් වන AICPA සහ CIMA  එක් ව සම්පාදනය කරනු ලබන, 2024 වසරට අදාළ, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තිකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රමුඛතම සේවා යෝජක සමාගම්වල නාමලේඛනය  පසුගිය දා එළි දැක්විණි.

මෙම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තියේ ප්‍රගමනය වෙනුවෙන්  ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන සමාගම් හඳුනා ගැනීම අරමුණු කරමිනි. ඔවුන්ට සමෘද්ධිමත් වෘත්තීන් ගොඩනැගීමට උපකාර වන සමාගම් හඳුනාගැනීම සඳහා ය.  CIMA නව සභාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් 2024 මාර්තු 8 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණු උත්සවයේ දී මෙම වාර්තාව එළිදැක්විණි.

මෙම අවස්‍ථාවේ දී අදහස් දක්වමින් FCMA (UK), CGMA, CIMA සභාපති සහ ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සම සභාපති සාරා ගෝෂ් මහතා  මෙසේ පැවසීය.

“මෙම වසරේ ප්‍රමුඛතම සේවා යෝජකයින් ව්‍යාපාරික ප්‍රජාවට මහත් ශක්තියක්. ඒ වගේ ම  එම සමාගම් ගිණුම්කරණ, මූල්‍ය සහ ව්‍යාපාරික යන ක්ෂේත්‍රවල අනාගතය ගොඩ නැංවීම වෙනුවෙන් ඉටු කරණ කාර්යභාරය ප්‍රශංසනීයයි. මෙම වෘත්තීය ක්ෂේත්‍ර ආශ්‍රිත වෘත්තිකයින්ගේ දියුණුවට සහය වන මෙවැනි ශක්තිමත් සමාගම් හඳුනා ගැනීමට ලැබීම පිළිබඳ ව ඇත්ත වශයෙන් ම අපි සතුටු වෙනවා. මෙවර ලැයිස්තුවට ඇතුළත් වූ සියලු ම සමාගම්වලට මම සුබ පතනවා.”

FCMA (UK), CGMA, AICPA සහ CIMA හි ශ්‍රී ලංකාවේ  කළමනාකරු සහරා අන්සාරි මහතා මෙහි දී දැක්වූයේ මෙවන් අදහසකි.

“ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ, මූල්‍ය සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර ආශ්‍රිත වෘත්තිකයින් බල ගැන්වීමට කැප වන සමාගම් හඳුනා ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.  ඇතැම් ආයතන වසර කිහිපයක් තිස්සේ මෙම සේවා යෝජක ලැයිස්තුවේ ඉහළින් ම  සිටීම, මෙම ක්ෂේත්‍රවල වර්ධනය වෙනුවෙන් එම ආයතනවල අඛණ්ඩ කැප වීමට හොඳ ම සාක්ෂියක්. ඔවුන්ගේ එම කැප වීම අපි ඉහළින් අගයන බව පැවසිය යුතු ම යි.”

 

2024 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා යෝජක ලැයිස්තුව :

 

  • MAS Holdings Private Ltd
  • ශ්‍රී ලංකා මහ බැංකුව
  • John Keells Holdings PLC
  • DFCC බැංකුව
  • සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල්
  • Hayleys PLC
  • NDB බැංකුව
  • Ernst & Young Sri Lanka
  • Acuity Knowledge Partners
  • WNS Global Services Private Limited (ශ්‍රී ලංකාව)
  • Dialog Axiata PLC
  • Deloitte
  • හැටන් නැෂනල් බැංකුව
  • මහජන බැංකුව
  • HSBC බැංකුව
  • KPMG Sri Lanka
  • කොමර්ෂල් බැංකුව
  • HSBC Global Service Center Sri Lanka
  • Aitken Spence PLC
  • Standard Chartered බැංකුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *