සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට ඩොලර් මිලියන 25ක්

0
Spread the love

සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරට තවත් ඩොලර් මිලියන 25ක් රජයේ මුදලින් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දුෂ්කර දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වා‌ගෙන යාමට පියවර ගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ඉල්ලීමක් ඉල්ලීමක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම  මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අදාල දිස්ත්‍රික්ක වල වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහාත් වැඩි අවධානය යොමු කරන්නැයි ද අමාත්‍යවරයා වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *