ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායික මණ්ඩලයේ නව සභාපති ධූරය තුෂිර රදැල්ලට

0
Spread the love

කොයිල් හෙවත් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායික මණ්ඩලයේ රජත ජයන්ති මහා සමුළුව හිල්ටන් හෝලයේදී ඊයේ (10) දින පැවැත්වුණි. මෙවර එම සමුළුව පැවැත්වුණේ 25 වන වරටයි.

කොයිල් හෙවත් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායික මණ්ඩලය 1999 මාර්තු 10 වැනිදා ආරම්භ කර තිබේ. “අද පටන් මුළු හදවතින්ම සුදානම් වෙමු” යන්න මෙවර රජත ජයන්තියේ තේමාව විය.

එමෙන්ම තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකත්වය දරන සමාගම් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් බිලියන ගණනක දායකත්වයක් ලබා දෙයි. තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් බහුතරයක් රටට අත්‍යවශ්‍ය විදේශ මුදල් උපයා දෙන අපනයනකරුවන් වන අතර, රටේ ආර්ථිකයේ පුනර්ජීවනය හා ප්‍රගතිය සඳහා අතිශයින් වැදගත් වන ජාත්‍යන්තර ආයෝජන, ව්‍යාපාර සහ හවුල්කාරීත්වයන්ද ඔවුන් සතුය.

මෙහිදී කොයිල් හෙවත් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායික මණ්ඩලයේ හිටපු සභාපති රසිත් වික්‍රමසිංහ මහතා විසින් අභිනව සභාපති තුෂිර රදැල්ල මහතා වෙත අභිනව ධුරය පිරිනෑමීමද විශේෂ අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *