බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව

0
Spread the love

බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ පස්වන හමුව 2024 පෙබරවාරි 28 වන දින ශ්‍රී ලංකාවේ දී පැවැත්විණ.

ඉන්දියානු පාර්ශ්වය නියෝජනය කරමින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී පංකජ් අගර්වාල් හා ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවය සහ සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය ඇතුළු විවිධ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම හමුවේදී අදහස් දක්වමින් ආචාර්ය ජයවර්ධන මහතා බලශක්ති ක්ෂේත්‍රය තුළ දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන ප්‍රමුඛතාවය අවධාරණය කළේය.

ශ්‍රී පංකජ් අගර්වාල් මහතා පසුගිය වසර කිහිපය තුළ බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉන්දියාව විසින් අත්කර ගෙන ඇති ප්‍රගතිය පෙන්වා දුන්නේය.

එසේම, එතුමා මූලිකවම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විදුලිය සැපයීම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං ධාරිතාවය ඉහළ නැංවූ පසු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට විදුලිබලය අපනයනය කිරීම සඳහා විදුලිබල ජාල අන්තර්සම්බන්ධතා ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළේය.

විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවය ශ්‍රී ලංකාව තුළ සුවිසල් විභවයක් පවතින බැවින් ඉන්දියාවට සහ අනෙකුත් රටවලට විදුලිය අපනයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදුලිබල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ආයෝජනය කිරීමට ද ආයෝජකයන් දිරිගන්වනු ඇති බව මෙහිදී සඳහන් කෙරිණ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් 2023 ජූලි මස සිදු කරන ලද ඉන්දීය සංචාරයෙන් අනතුරුව සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව මෙහි දී අවධාරණය කෙරිණ.

මෙම සංචාරය අතරතුරදී මෙගා වොට් 50ක් සඳහා බලශක්ති බලපත්‍රය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන ට්‍රින්කෝමලි පවර් කෝපරේෂන් ලිමිටඩ් වෙත ප්‍රදානය කරන ලදී. මෙම සමාගම NTPC සහ CEB අතර ඒකාබද්ධ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් තුළ විවිධ ගිවිසුම් නිම කළ යුතු යැයි මෙහිදී එකඟ විය.

දෙපාර්ශ්වය ධාරිතා ගොඩනැගීම් ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව ද සාකච්ඡා කළහ. ඉන්දියානු පාර්ශ්වය ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් හඳුනාගනු ලබන අංශ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට තාක්ෂණික සහය ලබා දීමට එකඟ විය.

ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ සිව්වන හමුව 2019 ජූනි මාසයේදී ඉන්දියාවේ දී පැවැත්විණ. එයින් වසර 5කට පමණ පසුව පැවැත්වූ ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ පස් වන හමුව බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයට තවදුරටත් ජවය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *