උද්දික යළි දිවයිනට

0
Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබේ.

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී මීට සති කිහිපයකට පෙර කැනඩාව බලා පිටවයාම විශාල ආන්දෝලනයට ලක්විය.

ඔහු කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද උද්දික ප්‍රේමරත්න විසින් එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

යළි දිවයිනට පැමිණි උද්දික ප්‍රේමරත්න, අද (28) සම්මාන උළෙලට සහභාගී වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *