මෛත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

0
Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  අනාවරණය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22)  මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට  ප්‍රකාශයක් සිදුකර තිබිණ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට  උපදෙස් දී ඇති අතර ඵ්  අනුව පොලිස්පතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *