LGBTQ ප්‍රජාව ගැන මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමක්

0
Spread the love

ශ්‍රී ලංකාවේ ආන්ති කරණයට ලක්වූ ප්‍රජාවක් වන LGBTQ  ප්‍රජාව පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමට මෙන්ම සංවේදී සහ සදාචාරත්මක වාර්තාකරණයක් වෙනුවෙන්  ජනමාධ්‍යවේදීන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවිම සඳහා සංවිධානය කළ දෙදින වැඩමුළුවක් පසුගියදා බම්බලපිටිය මැන්ඩරීනා හෝටලයේදී පැවැත්විණ

LGBTQ ප්‍රජාව යනු කවුරුන්ද? ඔවුන්ට වත්මන් සමාජයේ සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත්වීම සඳහා ඇති අයිතිය  , සමාජයට ඔවුන් පිලිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබීම නිසා , ඔවුන් මුහුණදෙන අපහසුතා සහ  ඇතැමි විටදී LGBTQ ප්‍රජාව  පිළිබඳ වාර්තාකරණයේදී පැතිර යන අසත්‍ය තොරතුරු සහ දුස් තොරතුරු  හේතුවෙන්  මුහුණ දෙන ගැටළු රාශියක් පිළිබඳවද එහිදී අනාවරණය කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවට එරෙහිව භාවිත නීතී පිළිබඳවද , LGBTQ  ප්‍රජාව පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍ය ආචාරධර්ම ,වාර්තාකරණයේ අභියෝග සහ  ප්‍රජාව අපහසුතාවට පත් නොවන අයුරින් එම වාර්තාකරණයෙහි  නිරතවන්නේ කෙසේද යන්න පිළිබඳවද දැනුම්වත් කෙරිණි.

ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විධානපතිරන සහ ප්‍රවීණ ජනමාධ්‍ය විශ්ලේෂක , ලේඛක නාලක ගුණවර්ධන විසින්  මෙහි සම්පත්දායකත්වය සපයන ලදී.

මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් , මුද්‍රිත මාධ්‍යවේදීන් ,සමාජ මාධ්‍ය  ක්‍රියාකාරීකයින් මෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් ඇතුළු 30 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

BRIDGE to Equality  ව්‍යාපෘතිය සහ ජාත්‍යන්තර නීතීවේදීන්ගේ කොමිෂන් සභාව ( ICJ ) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ජාත්‍යන්තර නීතීවේදීන්ගේ කොමිෂන් සභාව ( ICJ )  නියෝජනය කරමින් නීතිඥ මතුරභාෂිනි තමිල්මරන් සහ BRIDGE to Equality  ව්‍යාපෘතියේ නියෝජනය කරමින් එහි ව්‍යාපෘති කළමනාකාරිනිය වන සත්‍යා රාමනායක සමගින් ව්‍යාපෘතියේ සම සහකරුවන් වන Diversity and Solidarity Trust (DAST) , Young Out Here Sri Lanka ( YOH )  සහ National Transgender Network of Sri Lanka ( NTN ) හි කාර්යමණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *