ඊශ්‍රායලය ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දෙවැනියා මියයයි

0
Spread the love

තම හමුදා ප්‍රහාරයකින් ගාසා තීරයේ, හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මිය යන්න ඇතැයි ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, මර්වාන් ඊසා මිය යන්න ඇත්තේ ඔවුන් එල්ල කළ ගුවන් ප්‍රහාරයකිනි. ඊසා මියගිය බව මෙතෙක් තහවුරු වී නැති අතර, එය තහවුරු වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී මියගිය හමාස් සංවිධානයේ ඉහළම නායකයා මර්වාන් ඊසා වනු ඇත.

ඊශ්‍රායලය නිකුත් කර ඇති අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මර්වාන් ඊසා ය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයවීම කළේ ද මොහුය.

(ඒ.එෆ්.පී.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *