දේශ සීමා ප්‍රදේශයේ උමං මාර්ගයක් ඉදි කිරීම ගැන චීනයෙන් ඉන්දියාවට දොස්

0
Spread the love

චීන ඉන්දීය දේශසීමාවේ නැගෙනහිර කොටසේ උමං මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැමිණීම සම්බන්ධයෙන්  ඉන්දියාවට දැඩි අප්‍රසාදය පළ කර තිබේ.චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ චීනයේ Zangnan හෝ Xizang ස්වයං පාලන ප්‍රදේශයේ දකුණු ප්‍රදේශය සංවර්ධනය කිරීමට ඉන්දියාවට කිසිඳු අයිතියක් නොමැති බවයි.

“Zangnan යනු චීනයේ භූමියයි. ඉන්දියාව විසින් නීතිවිරෝධී ලෙස පිහිටුවන ලද අරුණාචල් ප්‍රදේශ් ප්‍රදේශය චීන රජය කිසි විටෙකත් පිලි නොගන්නා අතර ඊට දැඩි ලෙස විරුද්ධ වේ,” චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳුදා පැවසීය.

ඉන්දීය වාර්තා පැවසුවේ මෝදි “උපායමාර්ගික වශයෙන් වැදගත්” “අරුනාචල් ප්‍රදේශ්හි” සෙල උමඟ සෙනසුරාදා විවෘත කළ බවයි.

මෝදිගේ මෙම පියවරට චීනයේ දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය ප්‍රකාශ කරමින් වැන්ග් පවසා ඇත්තේ දෙරට අතර දේශසීමා ගැටලුව තවමත් විසඳී නොමැති බවය.ඉන්දීය අගමැති මෝඩි උමං මාර්ගය විවෘත කිරීමට එක්වූයේ චීනය සහ ඉන්දියාව දේශසීමා ගැටළු සම්බන්ධයෙන් දෙරට අතර ඉහල  මට්ටමේ 21 වැනි සාකච්ඡා  වටය පවත්වා සති තුනකටත් අඩු කාලයක් තුලය.

සාකච්ඡා අතරතුර, දෙපාර්ශ්වයම හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සන්නිවේදනය පවත්වා ගෙන යාමට එකඟ වූ අතර, දේශසීමා ප්‍රදේශයේ තත්ත්වය වැඩිදියුණු වන පරිදි දෙපාර්ශ්වය විසින්ම පිළිගත් යෝජනාවක් සඳහා හැකි ඉක්මනින් කටයුතු කිරීමට එකඟ විය.

එවැනි එකඟතාවන් තිබියදී “අදාළ පියවර ගැටළුව සංකීර්ණ කිරීම පමණක් වන අතර දේශසීමා ප්‍රදේශයේ තත්වය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරයි,” චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *