Allianz Life විකුණුම් වෘත්තිකයින් බල ගන්වමින් ‘Kick Off 2024’ වැඩසටහන සාර්ථක ව අවසන් වෙයි

0
Spread the love

Allianz Lanka සමූහයේ ජීවිත රක්‍ෂණ අංශය මෙන් ම ගෝලීය Allianz SE සමූහයේ සාමාජිකයෙකු වන Allianz Life Insurance Lanka සමාගම විසින් සංවිධානය කරනු ලැබූ ‘ Life Sales Kick Off 2024’ වැඩසටහනේ දී ඉදිරි වසර සඳහා එම සමාගමේ විකුණුම් උපාය මාර්ග හා අරමුණු නිල වශයෙන් එළිදැක්විණි.

පසුගිය දා Allianz Life Insurance Lanka සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මෙම වැඩසටහන එම සමාගමේ විකුණුම් කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා වැදගත් වන අභිප්‍රේරණ සාකච්ඡා සහ කණ්ඩායම සවි බල ගැන්වීමේ වැඩසටහන් රැසකින් සමන්විත විය.

මෙහි දී සමාගම පළමු කාර්තුව තුළ දියත් කිරීමට නියමිත සැලසුම් පිළිබඳ ව සාකච්ඡා කෙරුණු අතර, සමාගම විසින් දියත් කරනු ලබන වාර්ෂික සහ ද්වි-වාර්ෂික සම්මාන පිළිබඳ ව මෙම වැඩසටහනට සහභාගි වූ වෘත්තිකයින් දැනුවත් කරමින් ඔවුන්ගේ උද්‍යෝගය වර්ධනය කිරීමට ද කටයුතු කෙරිණි.

එමෙන් ම මෙම අවස්ථාවේ දී කීර්තිමත් Million Dollar Round Table (MDRT) සඳහා සහභාගි වීමට අවශ්‍ය සුදුසුකම් හා නිර්ණායක පිළිබඳ ව ද විකුණුම් වෘත්තිකයින් දැනුවත් කෙරුණු අතර, එහි දී සිය ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද විකුණුම් කණ්ඩායම වෙත හිමි විය.

‘ Life Sales Kick Off 2024’ වැඩසටහනේ දී Allianz Life Insurance Lanka සමාගමේ විශිෂ්ට ශාඛා කළමනාකරුවන් 10 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු අතර, එමගින් අදාළ වෘත්තිකයින්ගේ විශිෂ්ටත්වය මෙන් ම Allianz Life Insurance Lanka සමාගමේ සහයෝගීතා ආචාරධර්ම ඉස්මතු වීම ද විශේෂත්වයක් විය. සමස්තයක් වශයෙන් ගත් කල මෙම උත්සවය, Allianz Life විකුණුම් කණ්ඩායමේ උද්යෝගය වර්ධනය කරමින් ඔවුන් අභිප්‍රේරණය කිරීමට සමත් වූ බව සඳහන් කිරීම නිවැරදි ය.

මෙම වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් Allianz Life Insurance Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ප්‍රකාශ කළේ,

“මෙවැනි වැඩසටහන් හරහා විකුණුම් කණ්ඩායමේ උද්‍යෝගය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම අපගේ ප්‍රධානතම අරමුණක්. ඒ වගේ ම අපගේ කණ්ඩායමේ සාමාජිකයින් සවි බල ගන්වමින්, අභියෝග ජය ගැනීමට සහ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීම අපි නිරන්තරයෙන් කැප වෙනවා. මෙම සියල්ල සමඟින් 2024 වසර ජයග්‍රාහී වසරක් කර ගැනීමට අපට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි.

Allianz Insurance Lanka සහ Allianz Life Insurance Lanka යන සමාගම් ද්විත්වයේ එකතුව Allianz Lanka සමූහය ලෙස හැඳින්වෙන අතර, එම සමූහය ජර්මනියේ Munich කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන රක්ෂණ සහ වත්කම් කළමනාකරණ සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත සමූහයකි. Allianz සමූහයේ ගෝලීය ශක්තිය, ශක්තිමත් ප්‍රාග්ධනය, දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම Allianz Lanka සමූහයේ සාර්ථකත්වයේ පදනම බවට පත් ව ඇත. විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Allianz Lanka, සිය පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, ඔවුන්ට සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *