රේගුවෙන් ත්‍යාග මුදලක්

0
Spread the love

අපනයනය සහ ආනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබඳව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය සඳහන් කරයි.

ඒ අනූව තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබඳව නිවැරදි තොරතුරු ඇත්නම් ඒ පිළිබදව ශ්‍රී ලංකා රේගුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තොරතුරු ලබා දෙන සියලු දෙනාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවත් රාජ්‍ය ආදායම සුරැකීම සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල කරන බවත්  ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *