නිදහස් උළලේ වියදම සම්බන්ධව පළවන පුවත් අසත්‍යයයි

0
Spread the love

75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන්  සමාජ  මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සාවද්‍ය පුවත් සහ තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු  ප්‍රචාරය පෙන්නුම් කරන බවද එම නිවේදනයේ සඳහන්ය.

පැහැදිලිව එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමඟ යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතු බවද මාධ්‍ය අංශය පවසයි.

ඒ වෙනුවෙන්  නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීමට කටයුතු කිරිම පවා වරදක් ලෙස ජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇති බවද මාධ්‍ය අංශය පෙන්වා පෙන්වා දෙයි.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනය මෙසේය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *