ලබන 08 පාර්ලිමේන්තු වර්ජනයට සජබය සුදානම්

0
Spread the love

වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

සමඟි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ ඊයේ (6) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජසන කතාව සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගී නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර රාජාසන කතාවේදි පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක්ද ගෙන ඒමේ සූදානමක් පවතින බවද මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *