සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අප්‍රේල් 2වනදා සිටි අඛණ්ඩ වැඩ වර්ජනයක

0
Spread the love

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සදහා වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අප්‍රේල් 2වනදා සිට අඛණ්ඩ  වැඩ වර්ජනයකට යාමට තීරණය කර ඇත.

මෙහි මුල් පියවර ලෙස අප්‍රේල් 01 වෙනිදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාල සීමාවක සේවාවන්ගෙන් ඉවත් වීමට වෘත්තීය සමිති 72ක නියෝජිතයන් කොළඹදී රැස්ව ඒකමතිකව තීරණය කළ බව සන්ධානය පවසා සිටියි.

අඛන්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ  අත්පත්‍රිකා බෙදා හැරීම සෑම රෝහලක් ඉදිරිපිටදීම අද (28) දිනයේදී සිදුකරන අතරම ඊට සමගාමීව තෝරාගත් රෝහල් කීපයක් ඉදිරිපිටදී උද්ඝෝෂණයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආර්ථික යුක්තිය ඉටුකිරිම සදහා පසුගිය 19 – 20 යන දෙදින තුල වැඩ වර්ජනයට සූදානම් වූ අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් එම ගැටලුව  මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසදිම සදහා දින 10ක කාලසීමාවක්  ඉල්ලා සිටි අතර එම අවස්ථාව ලබා දී වර්ජනය තාවකාලිකව නතර කල අතර  සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මෙහිදී  පවසා සිටියේය.

අද  (28)  දිනය වන විට සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලූ දින 10 කාලසීමාව  අවසන් න අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කල වාර්තාවට අනුමැතිය ලබා දීම මුදල් අමාත්‍යංශය තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව ඔහු  පෙන්වාදේ.

සෞඛ්‍ය කාර්ය මන්ඩලය සදහා ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සදහා වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙම වැඩ වර්ජනය සහබාගි වනු ඇත.

මෙම වැඩ වර් ජනය හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීම, එක්ස් කිරණ පරික්ෂණ, රසායනාගාර පරික්ෂණ, සැලසුම්කල සැත්කම්  , බාහිර රෝගී අංශය සහ සායනික ප්‍රතිකාරයන් ඇතුලු බොහෝමයක් ප්‍රතිකාර සේවාවන් නතර වීමට නියමිත නමුත්  හදිසි ප්‍රතිකාර පවත්වාගෙන යාම සඳහා විශේෂ කණ් ඩායම් යොදා ඇති බවද සන්දානය පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *