නබී තුමන්ට අපහාස කළැයි පාකිස්තානු තරුණයෙකුට මරණ දඩුවම

0
Spread the love

Whatsapp පණිවිඩ මගින් නබි තුමන්ට අපහාස කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ.

මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීමට හේතු වන  අපහාසාත්මක පින්තූර සහ වීඩියෝ බෙදා (share ) කළ බවට ඔහුට එරෙහිව නැගී තිබෙන චෝදනාවයි.අදාල තරුණයා සමග එම චෝදනාව එල්ලවූ  17 හැවිරිදි තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

පාකිස්ථානයේ අපහාස කිරීම මරණීය දණ්ඩනයට යටත් වේ. එම චෝදනාව එල්ලවූ ඇතැමුන්  ඔවුන්ගේ නඩු විභාග වීමටත් පෙර ඝාතනය කර ඇත.

මෙම පැමිණිල්ල 2022 දී පන්ජාබ් අගනුවර වන ලාහෝර් හි පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ (FIA) සයිබර් අපරාධ ඒකකය විසින් ගොනු කරනු ලැබූවකි.

මෙම සතියේ එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  විනිසුරුවන් කියා සිටියේ 22 හැවිරිදි තරුණයා මුහම්මද් නබි සහ ඔහුගේ භාර්යාවන් පිළිබඳ අපහාසාත්මක වචන අඩංගු ඡායාරූප සහ වීඩියෝ සකස් කර ඇති අතර ඔහුට මරණ දඬුවම නියම කරන  බවයි.අනෙක් සිසුවාට මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත්තේ ඔහු බාලවයස්කාර දරුවෙකු බැවින් බව අධිකරණය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම තරුණයන් දෙදෙනා බොරු නඩුවකට පටලව ඇති බවට ඔවුන්ගේ  නීතිඥයින් තර්ක තර්ක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *