මාධ්‍ය අධිරාජ්‍යයෙකු  92 හැවිරිදි රූපට් මර්ඩොක් හයවැනි වරටත්  විවාහ ගිවිස ගනී

0
Spread the love

මාධ්‍ය අධිරාජ්‍යයෙකු  92 හැවිරිදි රූපට් මර්ඩොක් හයවැනි වරටත්  විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වේ.

ඔහු මෙලෙස විවාහ ගිවිසගෙන ඇත්තේ මාස කිහිපයක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටි ඔහුගේ 67 හැවිරිදි  විශ්‍රාමික රුසියානු අණුක ජීව විද්‍යාඥවරියක වන  එලේනා ෂුකෝවා සමඟය.

මේ වසරේ කැලිෆෝනියාවේ ඔහුගේ මොරගා මිදිවත්තේ සහ වතුයායේ දී සිදුවනු ඇතැයි අපේක්ෂා කරන විවාහය මර්ඩොක් මහතාගේ පස්වන, නමුත් හයවැනි විවාහ ගිවිස ගැනීම වනු ඇත.මෙම පෘවුර්ත්තිය ප්‍රථමයෙන් ලොවට හෙළි කළ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, විවාහ මංගල්‍ය ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දැනටමත් ආරාධනා යවා ඇත.

රූපට් මර්ඩොක් මීට පෙර  හිටපු පොලිස් පූජක ඈන් ලෙස්ලි ස්මිත් සමඟ විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි නමුත් 2023 අප්‍රේල් මාසයේදී හදිසියේම එම ගිවිස ගැනීම අවලංගු විය.ඒ සමඟම ඔහු  ෂුකෝවා මහත්මිය සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගියේය.දෙදෙනා මුණ ගැසී ඇත්තේ

ඔහුගේ හිටපු බිරිඳක් වන චීනයේ උපන් ව්‍යවසායකයෙකු වන වෙන්ඩි ඩෙන්ග් විසින් පවත්වන ලද සාදයකදීය.

ඕස්ට්‍රේලියානු ගුවන් සේවිකාවක් වන පැට්‍රීෂියා බුකර්, ස්කොට්ලන්ත ජාතික මාධ්‍යවේදිනී ඇනා මාන්, චීන ජාතික වෙන්ඩි ඩෙන්ග් සහ එක්සත් ජනපද නිරූපිකාවක් සහ නිළියක් වන ජෙරී හෝල් මර්ඩොක්ගේ අනෙකුත් හිටපු බිරියන් විය.

රූපට් මර්ඩොක් 1950 ගණන්වල ඕස්ට්‍රේලියාවේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය –  1969 දී එක්සත් රාජධානියේ නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් සහ ද සන් පුවත්පත් මිලදී ගනිමින් මාධ්‍ය කර්මාන්තයට පිවිසියේය.

පසුව ඔහු නිව් යෝර්ක් පෝස්ට් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇතුළු එක්සත් ජනපද ප්‍රකාශන ගණනාවක් මිලදී ගත්තේය.

1996 දී ඔහු Fox News දියත් කළේය – දැන් එක්සත් ජනපදයේ වැඩිපුරම නරඹන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව වන්නේ එයයි.

2013 දී ආරම්භ කරන ලද News Corp හරහා, මර්ඩොක් දේශීය, ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සිය ගණනක හිමිකරු බවට පත්විය.

ඔහු පසුගිය වසරේ Fox සහ News Corp හි සභාපති ධුරයෙන් ඉවත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *