ක්‍රිකට් ක්‍රීඩකයකු රිය අනතුරක

0
Spread the love

අනුරාධපුර, තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටිමෙන් තිරිමාන්න ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා අද (14) දින අලුයම රෝහල් ගත කළ බව තිරප්පනය පොලිසිය කියයි.

මෙම අනතුරින්  ලහිරු තිරිමාන්නත් ඔහුගේ මවත් රියදුරාත් තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

ක්‍රීකට් ක්‍රිඩක ලහිරු තිරිමාන්න ඇතුළු පිරිස නුවර සිට අනුරාධපුරය දෙසට එමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවද පොලිසි පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *