ගෑස් මිල අඩු කෙරේ

0
Spread the love

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *