T10 තරගාවලිය මේ වසරේ දෙසැම්බර්

0
Spread the love

ප්‍රථම වතාවට සංවිධානය කරන ලංකා පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත බවට තරගාවලියේ සංවිධායකයින් වන ‘ටී ටෙන් ග්ලෝබල් ස්පෝර්ට්’ ආයතනය නිවේදනය කර ඇත.

මෙම තරගාවලිය පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එම කාලවකවානුවේදී මෙරට පැවැති ක්‍රිකට් අර්බුදය හේතුවෙන් කල් දැමීමට සිදුවිණි.

ලංකා පන්දුවාර 10 තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කණ්ඩායම් 6ක් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් 16 කගෙන් යුත් සංචිතයක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව හිමි වන අතර එක් සංචිතයක් සඳහා විදෙස් ක්‍රීඩකයන් 6ක් ඇතුළත් කර ගැනීමටද අවස්ථාව පවතී. තරගාවලිය මෙරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිත බව සංවිධායක‍යන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *