කෘෂි තාක්ෂණික දැක්ම හුංගම බටඅතදී

0
Spread the love

නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීමේ අරමුණින් සංවිධාන කෙරෙන කෘෂි තාක්ෂණික දැක්ම (Agri Tech 24) හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී 2 වැනිදා  දින සිට 05 දින දක්වා පැවැත්වේ.

පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර සමාරම්භක උත්සවය  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී හෙට(2) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ සියලුම ආයතනවල සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධාන කෙරෙයි.

මෙහි රාජ්‍ය ආයතන විසින් ප්‍රදර්ශන කුටි 65ක්  සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසැල් 26ක් සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් ඇතුලත්ය.

නව තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම, අඩු ජල ප්‍රමාණයක් සහ අවම පොහොර යෙදීම මඟින් ගුණාත්මක කෘෂි නිෂ්පාදන හඳුන්වා දීම, නව බීජ වර්ග හඳුන්වා දීම, බීජ නිෂ්පාදනය, පළිබෝධ හානි වළක්වා ගැනීම වැනි අංශ රැසක් සම්බන්ධව පාසල් සිසුන්, කෘෂි ව්‍යවසායකයින් ඇතුළු මහජනතාවට දැනුම ලබා දීමට ද මෙහිදී  කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *