විදුලි බිලේ අවසන් තීන්දුව අද

0
Spread the love

විදුලි බිල 18% කින් අඩු කරන බවට විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කළද, ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබාදී ඇත්තේ 14%කින් විදුලිබල ගාස්තු අඩුවීමක් බව වාර්තා වේ.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (28 වැනිදා) රැසවී සාකච්ඡාවක් පැවැත්වූවද,අවසන් තීරණයක් ගැනීමට නොහැකිව විසිර ගිය අතර අද (29 වැනිදා) අවසන් තීරණයක් ගැනීමට නියමිත බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන්කරයි.

මාර්තු මස පළමුවැනිදා වනවිට විදුලි බිල සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *