ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වූ සාකච්ඡා කයිරෝ නුවරදී යළි ආරම්භ කෙරේ

0
Spread the love

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වූ සාකච්ඡා කයිරෝ නුවරදී යළි ආරම්භ වී ඇති බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කර තිබේ.මෙලෙස සාම සාකච්ඡා ආරම්භ වන්නේ ඊශ්‍රායලය දිගින් දිගටම බෝම්බ හෙලීම නිසා දකුණු ගාසා හී රෆා නුවර ගිනිගනිමින් තිබිය දීය.බෝම්බ හෙලීම නවත්වන ලෙස
ඊශ්‍රායලය වෙත දැඩි ජාත්‍යන්තර පීඩනයක් එල්ල වී තිබේ.කයිරෝ සකච්ඡා සඳහා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඊජිප්තුව සහ කටාර් යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් සිටින බව ඊජිප්තු මාධ්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයක් පිලිබඳ භීතිය මධ්‍යයේ මිලියන 1.5 ක පමණ ජනතාවක් මෙම කුඩා දේශසීමා නගරයට හිරවී සිටිති.

සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය පසුගිය සතියේ ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කෙරුනේ මාස කිහිපයක් ඇතුළත ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” කළ හැකි බව පවසමිනි.පසුව ඔහු ඊශ්‍රායල හමුදාවන්ට ඔවුන්ගේ ගොඩබිම් මෙහෙයුම පුළුල් කිරීමට සූදානම් වන ලෙස අණ කළේය.
කෙසේ වෙතත් රෆා වෙත එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් “භයානක” වන අතර බොහෝ සිවිල් වැසියන් “ඝාතනය වීමට ඉඩ ඇති” බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් පැවසුවේය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ප්‍රදේශයේ සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා තිබේ.

ප්‍රහාර නවතා නොමැති නමුත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඔහුගේ බුද්ධි ප්‍රධානී ඩේවිඩ් බාර්නියා සාකච්ඡා සඳහා යවා ඇත – ඊශ්‍රායල මාධ්‍ය පවසන ආකාරයට ඊට හේතු වී තිබෙන්නේ ඇමරිකානු බලපෑමය.

ඊශ්‍රායලය හා හමාස් අතර යුද්ධයට පෙර 250,000ක් පමණක් වාසය කළ ඊජිප්තු දේශසීමාවේ පිහිටි ගාසා තීරයේ මිලියන 2.3 ජනගහනයෙන් අඩකට වඩා දැන් රැදී සිටින්නේ රෆාහි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *