අස්වැන්නට සහතික මිලක් ඉල්ලූ ඉන්දීය ගොවීන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

0
Spread the love

සිය අස්වැන්නට සහතික මිලක් ඉල්ලමින් විරෝධතාවක නිරත ඉන්දීය ගොවීන්ගේ පාගමනකට එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් ද හටගෙන ඇති බව bbc පුවත් සේවය වාර්තා කර ඇත.ප්‍රහාරය එල්ල වී ඇත්තේ දිල්ලි අගනුවරට කිලෝමීටර් 200ක පමණ දුරින් පිහිටි අම්බාලා නගරයේ දීය. දිල්ලි අගනුවරට යාබද ප්‍රාන්තවල සිට මාර්ග තුනක් ඔස්සේ ගොවීන් අද අගනුවර වෙත විරෝධතා පා ගමනක් අරඹා තිබිණ.ගොවි සංවිධාන 200 කට අධික සංඛ්‍යාවක ගොවීහු ඊට එක්ව සිටිති.

මෙම විරෝධතාව ද 2020 වසරේ ගොවි විරෝධතාව මෙන් කල් පවත්නා අර්බුදකාරී එකක් වනු ඇති යන බියෙන් ඉන්දීය මධ්‍යම රජය දිල්ලි අගනුවරට ඇතුල් වන එම මාර්ග තුන වසා දැමීමට පියවර ගෙන තිබිණ.

එසේම දිල්ලියට යාබද උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ප්‍රාන්තවල මහජන රැස්වීම්ද පොලීසිය විසින් තහනම් කර ඇත.අද දිනයේ හර්යානා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක ගණනාවකම අන්තර් ජාල පහසුකම ද අවහිර කොට තිබිණ.
ගොවීන් අද මෙම විරෝධතා පා ගමන අරඹා තිබුනේ මධ්‍යම ආණ්ඩුවේ ඇමතිවරුන් සමග පෙරේදා (12) පවතී පය හයක සාකච්ඡා අසාර්ථක වීමත් සමගය.

මත භේදාත්මක කෘෂිකර්ම අණ පනත් කිහිපයක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දීය ගොවීන් 2020 වසරේ ආරම්භ කළ විරෝධතාව අවසන් වීමට වසරක පමණ කාලයක් ගතවිය.

එකී විරෝධතා අතර ඇති වූ ගැටුම්වලින් ජීවිත හානි රැසක්ද වාර්තා විය.එම කාලය පුරාම දිල්ලි අගනුවර කඳවුරු බැඳ පවතී එම ගොවි විරෝධතාව අවසන් වූයේ ආණ්ඩුව මත භේදාත්මක කෘෂි පනත් අහෝසි කිරීමට පියවර ගැනීමත් සමගය.එහෙත් එහි දී පොරොන්දු වූ පරිදි සිය අස්වනු සඳහා සහතික මිලක් ලබා දීම සහ අස්වනු මිලදී ගැනීම සඳහා සාර්ථක වැඩ පිළිවෙලක් සකස් කිරීම තවමත් සිදුව නොමැති බවට ගොවීහු ආණ්ඩුවට චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *