ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

0
Spread the love

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එරට විද්‍යාඥයන් මෙම නව කොරෝනා වයිරසය නම් කර ඇත්තේ ‘JN1’ යනුවෙන් බවයි.

මෙය කොවිඩ් 19, ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස සැලකෙන B.A 2.86 ප්‍රභේදයෙන් බිහිවුණු නව වෛරසයක් ලෙසටයි හඳුනාගෙන ඇත.

JN1 වෛරසය මුලින්ම හඳුනා ගැනුණේ කේරළයෙන් වන නමුත් මේ වනවිට JN1 ආසාදිතයන් ඇමෙරිකාවෙන් සහ සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

දින හතරක් හෝ පහක් පවතින තද උණ, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, හිසරදය JN.1 වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව පැවසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *