ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි

0
Spread the love

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සීමිත පන්දුවාර පිටියේ වාර්තා කිහිපයක් ලියාගෙන ඇති ෆින්ච් ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සාර්ථකම විස්සයි විස්ස නායකයා හා පිතිකරුවා ලෙසින්ද හැඳින්විය හැක.

ඔහු 2021 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සිය රටට හිමිකරදෙමින් එවැනි දස්කමක් කළ පළමු ඔස්ට්‍රේලියානු නායකයා බවට ද පත්විය.

විස්සයි විස්ස ඉනිම් 103 කදී ලකුණු 3,120 ක් රැස් කරගෙන ඇති ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභීයාද වේ.

එමෙන්ම තරග 76 ක් ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස පිටියේදී මෙහෙයවා ඇති ෆින්ච් ලොව වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක් මෙහෙයවූ නායකයා ලෙසින් ද වාර්තාවක් පිහිටුවා ඇත.

ඒ තරග අතරින් 40 ක්ම ජයග්‍රහණ්‍ය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *