කාන්තා විස්සයි20 ලෝක කුසලානය අද ඇරඹෙයි

0
Spread the love

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් 08 වැනි වරටත් සංවිධානය කරනු ලබන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (10) දින දකුණු අප්‍රිකාවේදී ආරම්භ වේ.
කණ්ඩායම් 10ක් තරගාවලිය සඳහා තේරීපත්ව ඇති අතර සත්කාරකත්ව රට දකුණු අප්‍රිකාවයි.
සමාරම්භක තරගය සත්කාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරගය අද ප.ව. 10.30ට මෙරට වෙලාවෙන් ආරම්භ වේ.
තරගාවලිය සදහා සත්කාරක දකුණු අප්‍රිකාව සෘජුව සුදුසුකම් ලබා ඇති අතර එමෙන්ම තවත් කණ්ඩායම් 07ක් ශ්‍රේණිගත කිරීම් අනුවද, කණ්ඩායම් 2ක් (බංග්ලාදේශය හා අයර්ලන්තය) සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහාද ලෝක කුසලාන වරම් හිමිකරගෙන සිටියි.
ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වේ. ඒ කාණ්ඩයට දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය ඇතුලත් වේ.
බී කාණ්ඩයට එංගලන්තය, ඉන්දියාව, පකිස්තානය, අයර්ලන්තය හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඇතුලත්ය.
තරගාවලිය පෙබරවාරී 26 වැනිදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *