විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

0
Spread the love

තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් පසුගිය 03වන දා සිට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධීකාරී සම්පත් උදයංග මහතා පවසා සිටියේ, අද පැවැත්වෙන සාකච්ඡාවේ දී වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

අද දිනයේ දී මෙම වැඩවර්ජනයට සමගාමීව උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

මේ අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සම ලේකම් කේ. එල්. ඩී රිච්මන් මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *