අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කල් තිබෙනවා – ඇමති ප්‍රසන්න

0
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කාලය තිබෙන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අපේක්ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ තීන්දුවක් ගනු ඇති බවයි.

එමෙන්ම පාක්ෂිකයාට බියකින් තොරව එළියට බැසිය හැකි මට්ටමේ වැඩ පිළිවෙලක් තම පක්ෂය මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්, පක්ෂ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඊයේ (7) පැවැත්වුණි.

එම සාකච්ඡාව අවසන්කර පිටව යන අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් යොමුකළ ප්‍රශන්වලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට අමාත්‍යවරයා දුන් පිලිතුරු මෙසේය.

ප්‍රශ්නය – පොහොට්ටුවේ අනාගතය කොහොමද?

පිලිතුර- පොහොට්ටුවේ අනාගතය ඉතාම හොඳයි.

ප්‍රශ්නය –  අද මොනවද සාකච්ඡා කළේ?

පිලිතුර – පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල සාකච්ඡා කළා. පාක්ෂිකයාට බය නැතුව එළියට බහින්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය – පොහොට්ටුවේ ජනාධිපති ආපේකෂකයා තවම ප්‍රමාද මොකද?

පිලිතුර – අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ආවේ දින 45ක් තියලයි.ඒ නිසා අපිට වෙලාව තියෙනවා. පක්ෂය නියම වෙලාවට තීන්දුව ගනියි.

ප්‍රශ්නය- ඒ අපේක්ෂකයා නම් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයද?

පිලිතුර- එහෙම නෑ. පක්ෂයක් විදියට තීන්දුවක් ගනීවි. මහින්ද මහත්තය ගත්තු තීන්දු කවදාවත් වැරදිලා නැහැ. මේ පාරත් හොඳ තීන්දුවක් ගනීවි කියල බළාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය- මැතිවරණ තියනවද?

පිලිතුර – මැතිවරණ තියනවා. අපි කවදාවත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්නේ නැහැ.

ප්‍රශ්නය- මේ මැතිවරණය අභියෝගයක් වෙයිද?

පිලිතුර – ඕනෑම මැතිවරණයක් අභියෝගයක්. අභියෝගයක් නොවුණ මැතිවරණයක් නැහැ. අපි හැම තිස්සෙම අමාරුම පැත්ත ගැන හිතල වැඩ කළොත් ජයග්‍රහණය ලේසියි.

ප්‍රශ්නය- පොහොට්ටුව ආණ්ඩුවත් එක්ක යන ගමන කොහොමද?

පිලිතුර- අපි ආණ්ඩුව ශක්තිමත් කරනවා. අවුරුදු දෙකකට පෙර රට තිබුණු තැනින් අද ඉස්සරහට ඇවිල්ල තියෙනවා. ඒ තත්ත්වයට ගේන්න පොහොට්ටුවේ අපි කැපකිරීම් කළා. අමාරු තීන්දු ගත්තා.

ප්‍රශ්නය- ඉදිරි ගමන ජනාධිපතිවරයා සමඟ යනවද?

පිලිතුර- ඔව්.. තාමත් එහෙමයි. හෙට දවස ගැන අපිට මුකුත් කියන්න බැහැ. අපිට එහෙම කළබලයක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *