නොමිලේ ලබා දෙන ඉන්ධන අධීක්ෂණය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්  

0
Spread the love

ජපන් රජය යටතේ වසර දෙකක් පුරා සියලුම ගිලන්රථ ඇතුළුව සෞඛ්‍ය වාහන සඳහා නොමිලේ ලබා දෙන ඉන්ධන අධීක්ෂණය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්  යෙදවීමට කටයුතු යොදා ඇති අතර එම නිලධාරීන්ට අතිකාල දීමනාවන් සකස් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී මතුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තොරුතුරු ලැබී ඇතැයි රජයේ ගිලන්රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

ගිලන්රථ රියදුරන් ඉන්ධන  අයථා ලෙස භාවිත කරනු ඇති බව පවසමින් මෙසේ අධීක්ෂණ නිලධාරින් යෙදවුවද ඔවුන් යොදවා ඇත්තේ දිවා කාලයේදී පමණක් බවත් රාත්‍රී සේවාවන් සඳහා ගින්රථ හා වෙනත් සෞඛ්‍ය රථ වාහනවලට ඉන්ධන ලබා ගැනීමේදී අධීක්ෂණ නිලධාරියෙක් නොමැති විමද විහිළුවට කරුණක් වී ඇතැයි සංගමයේ සභාපති ඩබ්.ඩී.විජේසිංහ මහතා සඳහන් කරයි.

මෙතෙක් කලක් ගිලන්රථ රියදුරන් සහ සෞඛ්‍ය රියදුරන් වාහනයට ඉන්දන ලබා ගැනීමට කටයුතු කළ  නමුත් ජපන් ආධාරය ලැබුණු පසුව එම ඉන්දන අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය  පියවර ගැනිම තුලින්   සෞඛ්‍ය නිලධාරීන්ට අතිකාල ගෙවීමක් නිර්මාණය  වුවහොත්  එයට රියදුරන්ගේ සංගමය දැඩි විරොධතාවන් දක්වන බවද  හෙතෙම පවසා සිටියි.

ජපන් රජය යටතේ නොමිලේ ලබා දුන් ඉන්ධන දිවයින පුරා පිහිටි නම් කරන ලද  පිරවුම්හල් 150 කින් ලබා ගත හැකි බව ද පැවසේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *