නිර්වින්දන වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක්

0
Spread the love

රටපුරා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් පවතින බැවින් සැත්කම් සිදුකිරිම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට, ඇඹිලිපිටිය, බිබිල, මැදිරිගිරිය ඇතුලු රෝහල් රැසක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් රට හැර ගොස් ඇති අතර අක්කරපත්තුව රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාද රටහැරයාමේ සූදානමක් පවතින බවට තොරුතුරු හෙලිව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍ය්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.

නිර්වින්දන විශේෂඥ  වෛද්‍යවරුන් 40 දෙනෙකු රට හැර ගොස් ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය සතුව සිටින නිර්වින්දන විශේෂ වෛද්‍යවරුන් 110 දෙනාගෙන් සැලකිය යුතු පිරිසක් නොදන්වාම රට හැර යනු ඇති බවට සැක මතුව ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය

වසර 2022 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල විශේෂඥ පුහුණුව නිමකර මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 654 ගෙන් 370ක් මේ වන විට හොර රහසේ රටහැර ගොස් ඇතැයි ද හෙතෙම කීය.

මෙසේ හොර රහසේ රට හැර යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ට විදේශ අධ්‍යාපනය ලැබීම  සදහා රජය වැය කල මුදල අයකර ගැනීමට කටයුතු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කලද එය නිසිලෙස ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් බලධාරින් කටයුතු නොකරන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *