බෙල්ලන පොලිස් ආරක්ෂාව සහිතව සිය රාජකාරියට

0
Spread the love

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (5) පොලිස් ආරක්ෂාවත් සහිතව සිය රාජකාරියට පැමිණ ඇතැයි වාර්තාවේ.

පොලිස් ආරක්ෂාව සහිතව සිය නිල කාමරය තුල සිය රාජකාරි කටයුතු ආරම්බ කිරිමත් සමඟ එයට විරෝධය පල කරමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිය කැමැත්තෙන්ම සේවයෙන් බැහැරව සිය විරෝධය පල කරමින් රෝහල් භූමිය තුල නිහඩ විරෝධතාවකට එක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් සිදුකිරිම සඳහා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් කීපදෙනෙකු කළුපටි පැළඳ රෝගී සත්කාර සේවාවන්ගේ යෙදී සිටිය බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ නමුත් නිහඩ විරෝධතාවය දහවල් වන විට උද්ඝෝෂණයක් දක්වා වර්දනය වීමෙන් පොළිස් නිලධාරින් 100ට ආසන්න පිරිසක් පැමිණ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව පොලිස් ආරක්ෂාව යටතේ රෝහලෙන් පිටතට රැගෙන ගිය බවද වාර්තාවේ.

වෛද්‍ය බෙල්ලන ජාතික රෝහලෙන් ඉවත් කරන තෙක් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිය විරෝධය පල කරමින් සේවයෙන් බැහැරව සිටීමට පියවර ගන්නා බවට රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *