උද්දික වෙනුවට මුතු කුමාරණ දිවුරුම් දෙයි

0
Spread the love

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (05) දිවුරුම් දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලැබීය.

දිවුරුම් දීමෙන් පසුව සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසුපෙළ ආසනයක අසුන් ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *