සූරියවැව අලි කරදරේ

0
Spread the love

සූරියවැව මහගල්වැව ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රී කඩාවැදුණු වන අලියෙකු නිවාස කිහිපයකට හානිකර තිබෙන බව ප්‍රදේශවාසීහූ පවසති.

ජනතාව පවසන්නේ එන්න එන්න වන අලි තර්ජනය වැඩිවන බවත් අස්වනු නෙලන කාලය ළංවෙත්ම වනඅලි ගම් වැදීම වැඩිවී ඇති බවත්ය.

ගම වටා අලිවැටක් නොමැති වීම මෙයට මූලික හේතුව බවද ඔවුන් පෙන්වා දෙයි.

රන් මුදුව සහ කුමාරගම ප්‍රදේශවල පිහිටි වන රක්ෂිත වල සිටින වන අලි මෙලෙස ගම් වදින බවත් වසර ගණනකට පෙර අලි වැටක් ඉදි කිරීම් ආරම්භ කරත් මේ වන විට එය නවතා දමා ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *