පොලිස් බලතල හැර බලය බෙදන්න සුදානම්

0
Spread the love

පොලිස් බලතලවලට අතගහන්නේ නැතිව බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තුනෙන් දෙකක බලය ලබාගත යුතුව තිබෙන බව කී ජනාධිපතිවරයා ඉඩම් බලතල සම්බන්ධයෙන් ජාතික ඉඩම් කොමිසමේ පනත අනුව ක්‍රියා කරන බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙමළ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා දැන් ඉටු කරන්නට තිබෙන්නේ සහජීවනයේ අන්තිම කොටස බව සඳහන් කළේය.

“සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති 2024 අන්තර් ආගමික සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *