රමසාන්වලට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළොත් රෆා වෙත ප්‍රහාර

0
Spread the love

හමාස් සංවිධානය මාර්තු 10 වනදා වන විට ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆාහි ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික Benny Gantz අනතුරු අඟවා තිබේ.

ගාසා තීරයේ ජනාකීර්ණ දකුණු නගරයට තම හමුදා ඇතුළු වන්නේ කවදාදැයි ඊශ්‍රායලය නිශ්චිතව ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.පලස්තීනුවන් මිලියන එකහමාරක පමණ පිරිසක් මේ වන විට රෆා හී රැදී සිටිති.මේ නිසා එම ප්‍රදේශයට ප්‍රහාරයන් එල්ල කිරීම සම්බන්දයෙන් ලෝක මට්ටමින් විරෝධයක් වර්ධනය වෙමින් තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) මෙම සංකීර්ණයට ඇතුළු වූයේ හමාස් විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් එහි රඳවා සිටින බව බුද්ධි අංශ පෙන්වා දුන් බව පවසමිනි.

රාමසාන් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් නිවසේ නොසිටින්නේ නම්, රෆා ප්‍රදේශය ඇතුළුව සෑම තැනකම සටන් දිගටම පවතිනු ඇතැයි හමාස් නායකයන් මෙන්ම ලෝකය ද දැනගත යුතුව තිබෙන බව ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමති Gantz අවධාරණය කොට තිබේ.

රාමසාන් – ඉස්ලාමීය උපවාසයේ ශුද්ධ මාසය – මෙම වසර මාර්තු 10 වන දින ආරම්භ වීමට නියමිතය.

ඊශ්‍රායලය “සම්බන්ධීකෘත ආකාරයකින් ක්‍රියා කරන බවත්, සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා අපගේ ඇමරිකානු සහ ඊජිප්තු හවුල්කරුවන් සමඟ සංවාදයකදී සිවිල් වැසියන් ඉවත් කිරීමට පහසුකම් සැලසෙන” බවත් Gantz පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය එරට ඉහළම ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විතය. එය පිහිටුවන ලද්දේ හමාස් ප්‍රමුඛ තුවක්කුකරුවන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් අවම වශයෙන් පුද්ගලයන් 1,200ක් මරා දමා 253ක් ප්‍රාණ ඇපයට ගෙන දින කිහිපයකට පසුවය. හමාස් සංවිධානය තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය විශ්වාස කරයි.

ජාත්‍යන්තර බලපෑම් නොතකා, හමාස් තුවක්කුකරුවන් තුරන් කිරීම සඳහා රෆා වෙත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී ඇත.

රෆාහි ඊශ්‍රායල ප්‍රහාරයක් බොහෝ පලස්තීනුවන් ඊජිප්තුවට තල්ලු කිරීමේ අවදානමක් ඇති බවට ඊජිප්තුව සහ තවත් සමහර අරාබි රටවල් නැවත නැවතත් අනතුරු අඟවා ඇත .රෆා වෙත ප්‍රහාරයක් එල්ල කළහොත් “ඉතා බරපතල ප්‍රතිවිපාක” ලබා දෙනු ඇතැයි සෞදි අරාබිය ද සපථ කර ඇත.

පලස්තීනුවන් ඉතාමත් දුෂ්කර තත්ත්වයක ජීවත් වන රෆා වෙත කඩා වැදීමෙන් වළකින ලෙස ජාත්‍යන්තරව ඊශ්‍රායලයට බොහෝ ඉල්ලීම් කර ඇත.

ඔක්තෝබර් 7 වැනිදා සිට හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරය නිසා ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ නටඹුන් බවට පත් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *