ජපානය අනපේක්ෂිත ආර්ථික අවපාතයක

0
Spread the love

අඛණ්ඩව කාර්තු දෙකක් තුල ආර්ථිකයේ ඇති වූ හැකිලීමක් සමඟ ජපානය අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට ඇද වැටී ඇතැයි වාර්තා වේ.
පෙර වසරට සාපේක්ෂව 2023 අවසන් මාස තුන තුළ ජපාන දළ දේශීය නිෂ්පාදිතය (GDP) බලාපොරොත්තු වූවාට වඩා 0.4%කින් හැකිලී ගියේය. ඊට පෙර කාර්තුවේ ආර්ථිකයේ හැකිලීම සටහන් වූයේ 3.3% ක් තරම් ඉහල අගයකිනි.

ජපානයේ කැබිනට් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට ලොව තෙවන ආර්ථිකය ලෙස ජපාන ආර්ථිකය හිමි කරගෙන සිටි ස්ථානයද අහිමි වී තිබේ. ජපානය පරදවමින් ජර්මනිය ලොව විශාලතම තෙවන ආර්ථිකය බවට පත්ව තිබේ.

ජර්මනිය ලොව තෙවන විශාලතම ආර්ථිකය ලෙස ජපානය අභිබවා යා හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පසු ගිය ඔක්තෝම්බර් මාසයේ අනාවැකි පළ කොට තිබිණ.

නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 දී ජපානයේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 4.2 ක් පමණ වූ අතර ජර්මනියේ ඩොලර් ට්‍රිලියන 4.4 ක් වූ බව ආර්ථික විද්‍යාඥයන් උපුටා දක්වන bbc වෙබ් අඩවිය පවසයි.පසුගිය වසරේ ජපානයේ මුදල් ඒකකය වන යෙන් එකක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 9% කින් පමණ අව ප්‍රමාණ වීම මීට ප්‍රධාන හේතුවයි.

පසුගිය වසරේ සිව්වන කාර්තුවේ දී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය 1% කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කර තිබුණි.

නවතම සංඛ්‍යා එම කාලපරිච්ඡේදය සඳහා ජපානයේ ආර්ථික වර්ධනය පිළිබඳ පළමු කියවීම වන අතර මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට ජපානයට තවමත් අවස්ථාව තිබෙන බව bbc පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

කිසියම් ආර්ථිකයක් අඛණ්ඩව කාර්තු දෙකක් තුල හැකිලීමකට ලක්වුවහොත් තාක්ෂණික වශයෙන් එය අර්ථ දැක්වෙන්නේ ආර්ථික අවපාතයක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *