ශ්‍රී ලංකාව හමුවේ ලෝක ශූරයෝ අසරණ වෙති

0
Spread the love

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඊයේ (26) ඉන්දියාවේ බැංගලෝර් හී චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

ලෝක කුසලනයක තරඟාවලියක දී එංගලන්ත කණ්ඩායමක් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙම තරඟයේ දී වාර්තා විය.

එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33 යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලකුණු 156 ක් ලබා ගත්තේය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 157කි. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කර තරඟය ජයග්‍රගණය කළේය.

එහිදී පැතුම් නිස්සංක සහ සධීර සමරවික්‍රම අර්ධ ශතක රැස් කිරීමට ද සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් ලෝක කුසලාන තරගවලදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තා කළ අඛණ්ඩ පස්වැනි ජයත් තමන් ඉදිරියේ සටහන් කර ගත්තේය.

මෙම තරඟයේ ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනෙත් පස්වැනි තැන දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *