කැන්ගරුවන්ට වාර්තාගත ජයක්

0
Spread the love

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 24 වැනි තරගය ලෙස දිල්ලිහිදී ඊයේ (25) පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 309 කින් නෙදර්ලන්තයේ පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 106 ක් රැස් කළ අතර මැක්ස්වෙල් ශතකය පන්දු 40 කින් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

එම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස ද වාර්තා පොතට එක්විය.

ඕස්ට්‍රේලියානු පිල ඕවර 50 යෙදී කඩුලු 8 ට 399 (ඩේවිඩ් වෝනර් 104, ස්ටීව් ස්මිත් 71, මානස් ලැබුෂේන් 62, ග්ලේන් මැක්ස්වෙල් 106, ලොගන් වෑන් බීක් 74/4, බාස් ඩි ලිඩ් 115/2) නෙදර්ලන්ත පිල ඕවර 21 කදී සියලු දෙනා දැවී 90 (වික්‍රමජිත් සිං 25, ඇඩම් සම්පා 81/4, මිචෙල් මාෂ් 19/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *