දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක්

0
Spread the love

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 23 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ් කණ්ඩායම අතර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 149ක දැවැන්ත ජයක් වාර්තා කළේය.

කාසිය වාසිය දිනා මුලින් ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 382ක් රැස් කිරීමට සමත්විය. එහිදී මෙම තරගාවලියේ තුන්වෙනි ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩී කොක් ලකුණු 174ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 266ක් පමණයි.

එහි දී බංග්ලාදේශ් ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක් දියත් කළ මොහොමඩ් මහමදුල්ලා ලකුණු 111ක් රැස් කළේය.

තරගයේ වීරයා ක්වින්ටන් ඩී කොක්ට හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *