පුංචි ඡන්දෙට සල්ලි නිදහස් කිරීමේ යෝජනාවක්

0
Spread the love

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් පිරිසක් අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

එහිදී විපක්ෂ නායකතුමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති  මුදල් පළාත් පාලන  මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට මෙහිදී යෝජනා විය.

කතානායකවරයා ඊට සිය එකඟතාවය පළ කළේය.

මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කරන ලෙසත්,පවත්නා බරපතළ තත්ත්වය මහපාරට පැමිණ ඇති අතර පසුගිය දා මැතිවරණයක් ඉල්ලා විරෝධතාවයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන අපේක්ෂකයෙකු මියගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා,එය ඉදිරියේදී තවත් උග්‍රවිය හැකි බවද අවධාරණය කළේය.එබැවින් 

වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ බලතල ප්‍රකාරව සම්මත කරගත් මුදල් බලය විධායකයේ බලයකින් යටපත් කරනවානම් පාර්ලිමේන්තුව කුමකටද කියා ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, මැතිවරණ කොමිසමේ පස්දෙනාම එකගවී මැතිවරණය ප්‍රකාශ කළ බවත්,ගැසට් හරහාද දින වෙන කළ බවත් කී විපක්ෂ නායකතුමා ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ ඒකාධිපතිත්වය උදෙසා ගමනකට බවත් පැවසීය.

පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්,කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

පලාත් සභා මේවනවිට නිෂ්ක්‍රීය බවත් ජනාධිපතිවරයාගේ නියෝනියෝජිතයෙකු අතේ එහි බලය ඇති බවත්,ඉදිරියේදී පළාත් පාලන ආයතනද ජනාධිපති නියෝජිතයෙකු අතට පත්වෙන බවත් ඒ හරහා මහජන නියෝජිතයින් ජනාධිපතිවරයාගේ අත් අඩංගුවට ලක්වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට පක්ෂ නායක හමුවක් කැදවා ඇති බවත්,ඉදිරි කටයුතු පිලිබදව එහිදී තීන්දු කළ හැකි බවත් කතානායකවරයා පැවසීය.

අදාල පක්ෂ නායක රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවන ලෙස එහිදී විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද එකඟතාවයක් මත එම තීරණය ගත හැකි පමණ කතානායක වරයා පැවසීය.

නමුත් එහිදී විපක්ෂ නායකතුමා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් මුදල් හරියට උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡාවකට කැඳවීමේ අයිතිය කතානායකවරයා සතුව ඇති බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *