ඔස්ට්‍රේලියාව 06 වැනි වරටත් ලෝක ශුරතාව දිනයි

0
Spread the love

සත්කාරක දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ කේප්ටවුන්හිදී පැවැති අවසන් මහා තරගය ලකුණු 19 කින් ජය ගිනිමිනි.

විස්සයි 20 ලෝක කුසලාන වැඩිම ප්‍රමාණයකට හිමිකාරිනියන් වන ඔස්ට්‍රේලියාව මෙවර දිනාගත්තේ සිය 06 වැනි ලෝක කුසලානයයි. එමෙන්ම මෙය ඔවුන් අඛන්ඩව දිනාගත් තෙවැනි විස්සයි 20 කුසලානය වීමද විශේෂත්වයකි.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 06 ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළදී රැස්කිරීමට හැකිවුයේ කඩුලු 06ක් දැවී ලකුණු 136 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *