2024 ජනපති සටනට ට්‍රම්ප් නැවතත්

0
Spread the love

2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රචාරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මීට මාස කිහිපයකට පෙර ඔහු ප්‍රකාශ කළේය.

එයින් පසු ඔහු පළමු වරට ප්‍රචාරණ උත්සව දෙකකට සහභාගී වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

නිව් හැම්ප්ෂයර් සහ සවුත් කැරොලයිනා ප්‍රාන්තවල මෙම උත්සව පවත්වා තිබුණි.

සාමාන්‍යයෙන් ට්‍රම්ප්ගේ දේශපාලන රැළිවලට විශාල ජනතාවක් සහභාගී වූවත් මෙවර මෙම උත්සව පවත්වා ඇත්තේ සුළු ජනතා සහභාගීත්වයක් ඇතිවයි.

ඔහු ජනාධිපතිවරණයට සහභාගී වන බව නිවේදනය කළත් ඔහු ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් නාම යෝජනා දිනා ගත යුතුවේ.

පක්ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමට හැකි වේවිද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැක.

යම් හෙයකින් මීලඟ ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බයින්ඩ් ඉදිරිපත් වුවහොත් ට්‍රම්ප්ට ඔහු පරාජය කළ නොහැකි වනු ඇතැයි අදහස් පළ වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *