ජර්මනිය තුන්වැනි වරටත් හොකී ලෝක කුසලානය දිනයි

0
Spread the love

මෙවර හොකී ලෝක කුසලානයේ ජයග්‍රහකයින් ලෙස කිරුළු පැලදීමට ජර්මනිය පසුගිය (29) වැනිදා සමත් විය. ඒ අවසන් මහා තරගයේදී පසුගිය වර ලෝකශූර බෙල්ජියම තියුණු තරගයකින් පරාජය කරමිනි.

එහිදී ජර්මනිය ජය ගත්තේ දඩුවම් පහර 5-4 ක් ලෙසිනි. මෙය ජර්මනිය හොකී ලෝක කුසලානය ජය ගත් තුන්වැනි අවස්ථාව විය.

තරගයේ පළමු කාර්තුවේ සම්පූර්ණ පාලනය බෙල්ජියම සතු වූ අතර 9 වැනි හා 10 වැනි මිනිත්තුවලදී වාර්තා කළ ගෝල ද්විත්වයත් සමඟින් ඔවුන් එම කාර්තුවේ පෙරමුණ ගත්හ.

නමුත් දෙවැනි කාර්තුවේදී 28 වැනි මිනිත්තුවේදී ගෝලයක් සාර්ථක කරගත් ජර්මනිය තරගයේ අර්ධ කාලය අවසන් වෙද්දී ගෝල 2 – 1 ක් ලෙස පරතරය අඩු කර ගැනීමට සමත් විය.

තෙවැනි කාර්තුවේ 40 වැනි විනාඩියේදී ජර්මනිය තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්ත්වයට රැගෙන ආවේය.

නමුත් සිව්වෙනි කාර්තුවේදී දෙපිලම ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය දඩුවම් පහර මගින් තීරණය කිරීමට විනිසුරුවෝ  තීරණය කළහ.

දඩුවම් පහර 5-4 ක් ලෙස සාර්ථක කර ගත් ජර්මනිය ලෝක ශූරතාවය දිනා ගත්තේය.

ජර්මනිය මීට පෙර 2002 හා 2006 වර්ෂවලදී හොකී ලෝක කුසලානය දිනා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *