ඩයනාගේ පුටුව මුජිබර්ට

0
Spread the love

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන්  මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින් මැතිවරණ කොමිෂන්  සභාවට දැනුම් දෙනු ඇත. ඒ අනුව එම කොමිෂන්  සභාව විසින්  පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන නියෝජිතයා පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයෙන් විමසීම් කිරීමෙන්  පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්  කරනු ලැබේ.

මුජිබර්  රහුමන් මහතා  කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරඟ වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉල්ලා අස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *