ප්‍රියාගේ සුවදුක් බලන්න විදුර යයි

0
Spread the love

අතිශය ජනප්‍රිය ගීත ගොන්නක් රසික හදවත් තුළට තිළිණ කළ , මේ වන විට රෝගාතුරව සිටින ප්‍රවීණ ගායනවේදී ප්‍රියා සූරියසේන මහතාගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගියහ.

ඔහු , ඈත රන්විමන්, මට වාසනා, ආදරණීය නේරංජනා, හෙට දවසේ, සුදු පරවි රෑන සේ,මොහොතක සුව දෙන,හිරු ද මුවා වී,රටකින් එහා,හදවත ඉල්ලා,මගේ ළමැඳ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රසික හදවත් තුළට තිළිණ කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකි.

ගුරුවරයකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ප්‍රියා සූරියසේන මහතා දරුවන් දහස් ගණනක් දැනුමින් පෝෂණය කළා සේම, ගීතයට ප්‍රිය කරන සියළු ලාංකේය හදවත් රසවත් කළ සොඳුරුතම සංගීතවේදියෙක් වූ ප්‍රියා සූරියසේන මහතා දශක ගණනාවක සිට, සිය නිර්මාණ වෙනුවෙන් විවිධ වූ සම්මාන ඇගයුම් ලබමින්, අදටත් සංගීත අඹරේ දිදුලන තාරකාවක් සේ බැබලෙමින් වැඡඹෙන කලාකරුවෙකි.

මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, සහකාර අධ්‍යක්ෂ කසුන් සෙනෙවිරත්න,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත රත්නායක ,
පරිපාලන නිලධාරී ඩී.එම්. දහනායක ,කළමනාකරණ සේවා නිලධාරීන් වන දිනිති ඩී. ගරුසිංහ සහ සමන්ති පෙරේරා , සංවර්ධන නිලධාරී ශාමලී බණ්ඩාර , රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් වන දිනුෂා ජයවර්ධන , කලන බාසුරු , මුදිත උදාර සෙට්ටිනායක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *