ට්රම්ප්ට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

0
Spread the love

ට්රම්ප්ට ජනාධිපතිවරණ ඡන්දය තහනම් කිරීමට ප්‍රාන්තයන්ට නොහැකි බව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

ව්‍යවස්ථාමය වගන්තියක් භාවිතා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සකු කිරීමට එක් එක් ප්‍රාන්ත විසින් දරන ලද උත්සාහයන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව මෙම තීන්දුව ලබා දී ඇත්තේ කොලරාඩෝ ප්‍රාන්තය නිමිතිකරගෙන වුවත් එය අනෙකුත් ප්‍රාන්තයන් සඳහාද අදාළ වනු ඇත.

2012 කැපිටල් අරගලයට මුල් වූ බව කියමින් කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණය ඔහුව මීළඟ ජනාධිපතිවරණය සඳහා වන ප්‍රාථමික ඡන්ද විමසීමට නුසුදුස්සෙකු ලෙස නම් කර තිබිණ.කෙසේ වෙතත් එවන් තීන්දුවක් සඳහා බලය ඇත්තේ ප්‍රාන්තවලට නොව එරට පාර්ලිමේන්තුවට බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් පෙන්වා දී ඇත.මේ අනුව අද පැවැත්වෙන කොලරාඩෝ ප්‍රාථමික මැතිවරණයට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපතිවරයාට අවස්තාව හිමිව තිබේ.

හිටපු ජනාධිපති ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකත්වයේ ඉදිරිපෙළ අපේක්ෂකයා වන අතර නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩෙන් සමඟ නැවත තරගයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ තිබේ.

කොලරාඩෝ රාජ්‍ය ලේකම් ජෙනා ග්‍රිස්වෝල්ඩ් තීන්දුව සම්බන්දයෙන් කනස්සල්ල පල කර ඇත.ඇය පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකාරවන සිදුවීම් වලට වගකිව යුතු අය ඡන්ද ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට ප්‍රාන්තයට හැකි විය යුතු බවය.

කොලරාඩෝ හි නඩුව කළ වොෂින්ටනයේ වගකීම් සහ ආචාර ධර්ම පිළිබඳ පුරවැසියන් (කාර්ය මණ්ඩලය) කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ උසාවිය “මේ මොහොත සපුරාලීමට අපොහොසත් වූවත්”, මෙම සිදු වීමෙන් ට්‍රම්ප් කැරලිකාරයෙකු ලෙස ඉතිහාසයට එක්වන නිසා එය “තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *