උසස් පොලිස් නිලධාරියෙකු පැහැර ගනී

0
Spread the love

ආයුධ සන්නද්ධව පැමිණි 200ක පමණ පිරිසක් ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක්ව පැහැරගෙන ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ, වාහන සොරකමක් සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියා විසින් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පැහැරගැනීම සිදුකර ඇති බවයි. එම සිදුවීම ඊයේ (27) සවස මනිපූර් ප්‍රාන්තයෙන් වාර්තා විය.

තුවක්කුකරුවන් 200ක් පමණ ඊයේ රාත්‍රී 7ට පමණ පොලිස් නිලධාරියාගේ නිවස වටලා එම පොලිස් නිලධාරියාව සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව පැහැරගෙන ගොස් තිබුණි.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ යුද හමුදා කණ්ඩායමක් එම කණ්ඩායම හඹා ගොස් ඔවුන්ව මුදවාගෙන තිබේ.

මේ වනවිට එම පොලිස් නිලධාරීන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මාධ්‍ය වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *