දිස්ත්‍රික්ක අටක් ගිනියම් වෙයි

0
Spread the love

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක අටක උණුසුම් දර්ශකය ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම, උතුරු මැද පළාතේ අනුරාධපුර, පොලොන්නරුව, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ දකුණු පළාතේ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය “අවධානය’’ යොමු කළ යුතු මට්ටමක පවතී.

මෙම දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය 39 ත් 45 ත් අතර අගයක පවතින අතර, මේ නිසා වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවන බවත්, වැඩි වේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා විජලනය සහ ලවණ ඉවත්වී මස්පිඬු පෙරළීම සිදුවිය හැකි බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණුසුම් තත්ත්වය නිසා වැඩිපුර ජලය පානය කරන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *