මැක්ස්වේල් තරගය කනපිට පෙරලයි

0
Spread the love

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 3කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (07) සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 291ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඊබ්‍රාහිම් සඩ්ඩ්‍රාන් පන්දු 143කදී ලකුණු 129ක් රැස්කර ගත්තේය.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 5කදි කඩුළු 7ක් දැවී ලකුණු 293ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් පන්දු 128කදී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 21ක් ඇතුළත් වේ.

ග්ලේන් මැක්ස්වෙල්ගේ මෙම ලකුණු සංඛ්‍යාව මෙවර ලෝක කුසලානයේ පිතිකරුවෙකු රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *